LK reports news sinhala

ශ්‍රී ලංකන් ‘ඇපල් මැක්බුක් ප්‍රෝ’ එපා කියයි

ගිනි ගැනිමේ අවදානමක් පවතිනබැවින් ඇපල් අඟල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ගුවන් ගමන් සඳහා රැගෙන යාමට අවසර නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 මැක්බුක් ප්‍රෝ ඒකකයේ බැටරි අධික ලෙස රත් වී ගිනි ගැනිමේ අවදානමක් මතුව ඇති බව එම සමාගම විසින් නිවේදනය කර ඇතැයි වාර්තා වේ. එම අවදානමක් සහිත උපාංග අලෙවි කර ඇත්තේ 2015 වසරේ සැප්තැම්බර් මස සිට 2017 වසරේ පෙබරවාරි මස දක්වා කාලයේදී බව ඇපල් සමාගම නිවේදනය කර ඇත.

එබැවින් ගුවන් මගින් සතුව පවතින එම උපාංග එවැනි බලපෑමක් නොමැති බවට ඇපල් සමාගමෙන් තහවුරු කර ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් තොටුපලේදී එම උපාංග පරික්ෂා කිරිමේදී  බැටරිය නැවත ප්‍රතිස්ථාපනයකර ඇති  බවට සාක්ෂි ඉදිරිපත් කිරිමට ගුවන් මගීන් සමත් විය යුතු බව එම සමාගම පවසයි.  ඒ බව සනාථ කර ගැනිමට අපොහොසත් වන මගීන්ට තම උපාංගය රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා සිටී.

එම නිසා ඇපල් සමාගමේ වෙබ් පිටුවට පිවිස එහි උපදෙස් අනුව කටයුතු කර තමා සතු උපාංගවල බැටරි ප්‍රතිස්ථාපනය කරගැනිමට කටයුතු කරන ලෙස එම සමාගම ඉල්ලා ඇත.

(උපුටා ගැනීම – අද දෙරණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *