Maitree 2020

ශ්‍රීලනිප සහාය ගෝඨාට – මෛත්‍රී ස්වාධීන වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර බව පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

මෙම පත්කිරීම ජනාධිපතිවරණය අවසන් වනතුරු වලංගු වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරයි.
ඒ අනුව ශ්‍රීලනිප සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කරනු ඇති බවත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published.