විජයමුණිගේ බාප්පොච්චිත් මළාලු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට නම් සහාය ලබාදිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඇල්පිටිය කැල්ලපත ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දක්වමින් විජිත් විජයමුණි සොයිසා පවසා සිටියේ පුළුවන් නම් සියයට 80 ක් ඡන්දය ලබා ගන්නැයි තමා පොහොට්ටු පක්ෂයට අභියෝග කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සිටී නම් ගෝඨාභය පසුපස නොයන ලෙසත් එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට ඉඩක් නොමැති බවත් කියා සිටියේය.

පොහොට්ටුව දිනුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා, බේරෙනවා නම් බේරෙන්නේ එජාපෙ දිනුවොත් තමයි යනුවෙන් ද සඳහන් කළේය.

වීරවංශ මහතා පසුගිය දා මුදල් ඇමති ජනාධිපතිවරයා බවත් පැවසු බව කියා සිටි මන්ත්‍රිවරයා, “ අප්පච්චි නෙමෙයි බාප්පොච්චිත් මළා“ යනුවෙන් පැවසිය.

නායකයෙකු අතින් වෙන පුංචි වරදක් අල්ලා ගනිමින් ඒ වරද පට්ට ගසන බවත් පැවසු විජිත් විජයමුණි සොයිසා මහතා, එය ජන ගත කරන තරම් රාජපක්ෂවරු පහත් තත්ත්වයට ඇඳ වැටී ඇතැයි ද කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *