ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ පෙරවරුවේ පැවැත්විණි. එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වුණු අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාළි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිළිබඳ මෙහි දී පක්ෂ නායකයන්ගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.
2021-04-20