අවුරුදු 01යි මාස 08ක දැරියක් ස්වශන මාර්ගයේ කවුපි ඇටයක් හිරවිමෙන් මියගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය. මෙසේ මියගොස් ඇත්තේ ඔඹරහෙනගෙදර, අතුලවිල හොරන්ගල්ල තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ එසදි අයන්සා නැමති දැරියකි. දැරියගේ මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසිමරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පවත්වනු ලැබිය.
2020-02-09