ෆේස්බුක්

ෆේස්බුක් හි ට්විටර් සහ ඉන්ස්ටග්රෑම් ගිණුම් හැක් වෙලා

ෆේස්බුක් හි සමාජ මාධ්‍ය ගිණුම් පසුගිය සිකුරාදා දහවල් හැකර් කණ්ඩායමක් විසින් හැක් කර ඇති බව වාර්ථා වේ.

OurMine නම් හැකින් කණ්ඩායම ෆේස්බුක් සහ මැසෙන්ජර් සේවාවට අයත් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල “ෆේස්බුක් පවා හැක් කළ හැකිය” යනුවෙන් පළ කර ඇති අතර, මේ වනවිට එම ගිණුම් නැවත යථා තත්වයට පත්කර තිබෙනවා.

OurMine ප්‍රකාශ කර සිටින්නේ මෙම ක්‍රියාවේ අරමුණ වුයේ මාධ්‍ය ගිණුම් වල ආරක්ශාව කොතරම් අවදානම්ද යන්න පෙන්වීම බවයි. ඔවුන් මේ ආකාරයටම ජනවාරියේදී එක්සත් ජනපද ජාතික පාපන්දු ලීගයේ (NFL) කණ්ඩායම් දුසිමකට අධික ප්‍රමාණයකගේ ට්විටර් ගිණුම් ද හැක් කරන ලදී.

ෆේස්බුක්

මෙම කණ්ඩායම ෆේස්බුක් හි ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් පළ කරමින් පවසා තිබුනේ  “Hi, we are OurMine. Well, even Facebook is hackable but at least their security is better then Twitter.”

එසේම ඔවුන් ඉන්ස්ටග්‍රෑම් හි ෆේස්බුක් සහ මැසෙන්ජර් ගිණුම් වලට ඇතුල් වී OurMine ලාංඡනයේ ඡායාරූපයක් පළ කර ඇත.

OurMine යනු ඩුබායි හි පිහිටි හැකින් කණ්ඩායමක් වන අතර ඔවුන් අතීතයේ දී ඉහල ව්‍යාපාර සහ ඉහළ පුද්ගලයින්ගේ ගිණුම් වලට පහර දී ඇති අතර අතීතයේ දී, ට්විටර් හි නිර්මාතෘ ජැක් ඩෝර්සි, ගූගල් සමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි සහ නෙට්ෆ්ලික්ස් සහ ESPN හි ආයතනික ගිණුම් වල සමාජ මාධ්‍ය ගිණුම්වලට තාවකාලිකව ඇතුළු වී තිබෙනවා.

ඉහත සෑම අවස්ථාවකදීම කණ්ඩායම කියා සිටියේ එම ප්‍රහාර සැලසුම් කර ඇත්තේ ආරක්‍ෂාවේ හිඩැස් පෙන්නුම් කිරීමට බවයි. නමුත් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සිය සේවාවන් භාවිතා කරන ලෙස එය වින්දිතයින්ට උපදෙස් ද ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *