ශ්‍රී ලංකාවේ කොස් පරිභෝජනය ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙළක්.

‘ගුවන් හාමුද හෙරලි පෙරළි’ තේමාව යටතේ රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර පෙරේදා (01) අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

දේශීය හා විදේශීය කොස් වෙළඳපොලක් නිර්මාණය කිරීම සහ ශ්‍රී ලාංකික ජනතාව අතර කොස් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන යටතේ මේ වසර තුළ කොස් ගස් හැත්තෑ පන්දහසක් සිටුවීමට අපේක්ෂා කෙරේ.

කොස් වගාව පිළිබඳව ලියැවුණු ‘ගුවන් හාමුද හෙරලි පෙරළි’ ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.

කොස් වගාවට අමතරව ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ තොරතුරු ද මෙම කෘතියේ අන්තර්ගත වේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *