ශවේන්ද්‍ර

ශවේන්ද්‍රට එරෙහි කුමන්ත්‍රණය පසුපස හමුදාවේ තිදෙනෙක්?

Share this Article

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇති බවා වාර්ථා වේ.

මෙම හිටපු හමුදා නිලධාරීන් තිදෙනා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිව්රුම් ප‍්‍රකාශ ලබා දී තිබෙන අතර මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් හිටපු මේජර් ජෙනරාල්වරයකු වන අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙකි.

මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා හමුදා සේවයෙන් ඉවත් කළ අයෙකු බව අනාවරණය වන අතර මොහු, තමා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රහස් නියෝග නිකුත් කරන ප‍්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කල බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග හෙළි කළේය.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැනවූ තහනම ඉවත් නොකරන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා සහ මානව හිමිකම් කවුන්සිලය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගෙන් ඉල්ලා ඇති බව වාර්ථා වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.