ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීමට එරෙහිව දෙමළ සන්ධානය උඩු බුරයි

නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කරයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටිනුයේ යුද අපරාධවලට සම්බන්ධ යැයි කියන ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත් කිරීම බරපතළ වරදක් බවයි. ඔහු මේ බව ට්විටර් පණිවිඩයක් මගින් සටහන් කර තිබූ අතර මාධ්‍ය හමුවේද කියා තිබිණි.

එසේම අමෙරිකා එක්සත් ජනපදයද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇත.
ශවේන්ද්‍ර සිල්වා මහතා යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ නියමුවකු වූ අතර අවසන් මානුශීය මෙහෙයුමේදී තම සේනාංකය සමග විශාල කැපවීමක් කරමින් යුද්ධය අවසානය දක්වාම සටන් කර ජනාදරයට පත්වූවෙකි. එබැවින් එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට මෙන්ම බෙදුම්වාදී ඩයස්පෝරාවට ඔහු ඉවත් කිරීමේ හා අභූත චෝදනාවලට ඔහු වැරදිකරුවකු කිරීමේ දැඩි වුවමනාවක් පසුගිය සමයේ සිටම පැවතිණි.
(Imge – daily ft)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *