ලොව අංක එකේ තුන් ඉරියව් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් ට වසර 2 ක තරග තහනමක්.

ලෝකයේ දැනට සිටින අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන බංග්ලාදේශ ටෙස්ට් සහ T20 ක්‍රිකට් කණ්ඩායම් නායක ශකිබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබෙනවා.

මීට වසර දෙකකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට පෙර බුකීකරුවකු විසින් කරන ලද යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්ධන කමිටුවට වාර්තා නොකිරීම ශකීබ් ට මෙම තරග තහනම පැනවීමට හේතුවයි.

ශකීශබ් තමන්ට විරුද්ධව මේ සම්බන්ධව ඇති චෝදනා තුනක් පිළ අරගෙන තිබෙනවා.

මේ අනුව ශකීබ්ට මීලඟ බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයද අහිමි වී යනු ඇත.

Leave a Reply

Your email address will not be published.