සජිත් මැතිවරණ නීති කඩන හැටි හෙළිවෙයි – නඩු දාන්න සාක්කි හොඳටම තිබෙනවාලු

මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව නඩු පවරන්නේනම් ඊට ප්‍රමාණවත් තරම් තොරතුරු ජාතික මැතිවරණ කොමිසම සතුව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධාන‍යේ සභාපති ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි. අද(29) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානයේ සභාපති ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසා සිටියේ “2015 වසරේ සිට  2018 දෙසැම්බර් 31 දා දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදු වුණු දූෂණ වංචා සහ අයතා ක්‍රියා පිළිබඳව පැමිණිලි කළ බවයි.

‘‘රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳව පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසමට. කොමිසම පරීක්ෂණ කටයුතු අවසන් කරලා. මේ වන විට කොමිසම නිරිදේශ කරලා තියෙනවා. මේවා රාජ්‍ය මුදල් අවභාවිතාවක් බව කොමිසම නිර්දේශ කළා. මේ යටතේ තමයි ඇමති සජිත් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට නඩු පවරන්න නිර්දේශ කරලා තිබෙන්නේ. දෙවෙනි කාරනය ආයතනයේ වාහන 5 ක් ඡන්ද වැඩට යොදාගෙන රට පුරා යමින් සිටිනවා. එම වහාන සභාපති භාවිත කරන රථය – WP CAT 3206, උප සභාපති භාවිත කරන රථය – WP CAT 3062, ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාගේ රථය – WP CAT 3061, උපදේශක භාවිත කරන රථය – WP TH 5527, ජාතික සේවක සංගමයේ ලේකම්
ග්‍රේෂන් පෙරේරා භාවිත කරන රථය – WP PG 2997, මෙම වාහනවලට සීමාවකින් තොරව ඉන්ධන සපයනවා ආයතනයෙන්.“

“තුන්වෙනි කාරණය මේ දවස්වල නිවාස අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සෑම මහලකම ටෙලිවිෂන් තිර සවි කරලා තියෙවා.  ඒවාවල ඇමති සජිත්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරන වීඩීයෝ. දවස පුරා ප්‍රචාරය කරනවා. සභාපතිවරයාගේ උපදෙස් පරිදි. මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. ඊළඟ කාරණය තමයි පසුගිය මාසයේ ඇමති සජිත්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට. පුවත්පත් දැන්වීම්වලට රු. කෝටි 4කට ආසන්න මුදලක් පුවත්පත් ආයතනවලට ලෙවන්න වහාම නියෝග කළා. නිවාස අමාත්‍යංශයේ ලේකම්තුමා ඡන්දය දිනවලදී විදෙස්ගතවීමේ සූදානමක් තියෙනවා.“

“මේ ලෑස්ති වෙන්නේ ඔවුන් දන්නවා සිය අපේක්ෂකයා දිනන්නේ නැති බව. ජනපති අපේක්ෂක සජිත්ගේ පෝස්ටර් තියෙන්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ගබඩාවේ. දැන් ගියොත් ඒවා පෝස්ටර් බලාගන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා. නඩු දාන්න තරම් කාරණයක් වාර්තා වී නැහැ කියලා. නඩු දාන්න කාරණා අපි සපයලා තියෙනවා.“ යනුවෙන්ද ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

 

 

1 Comment

  1. වැඩක් නෑ. මැකො කියන්නෙත් unp පාක්ෂිකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *