ලංකාවේ ළමයින් අඩු වයසින් විවාහ වීම වළක්වාලීමේ අරමුණින් සියලු ජනකොටස් සදහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුම්පතක් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම පනතට අනුව විවාහ වීමේ අවම වයස පහත ලෙස හඳුන්වන අතර එය ගැසට් නිවේදනයකින්ද පළ කර තිබේ.
මෙම පනත බලාත්මක වීමෙන් අනතුරුව සිදු කරනු ලබන කිසිදු විවාහයක් එකී විවාහයට අදාළ පාර්ශව දෙකම වයස අවුරුදු දහඅට සම්පූර්ණ කරනු ලැබ නොමැති නම් වලංගු නොවිය යුතු අතර වයස, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් ඕනෑම කරුණක් නොතකා සියළු දෙනාම සඳහා සමාන ආරක්ෂාව ශ්‍රී ලංකාව තහවුරු කර ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අඩු වයසින් සිදු කරන විවාහය හේතු කොටගෙන ලංකාවේ ළමයින් ලිංගික අපයෝජනය ඇතුළුව ශාරීරික හෝ මානසික ප්‍රචන්ඩත්වයට ගොදුරු වීම වැලැක්විම සඳහා මෙම පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබේ.
Thank you so much! This a awesome website!|