පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර 6 කට ආසන්න ප්රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.
ප්රමාණවත් ලෙස ජලය පානය නොකිරීමෙන් වකුගඩුවලට බලපෑම් සිදුවිය හැකි බවත් මීට අමතරව සමටත් බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්යවරයා පවසා සිටියේය.
මීට අමතරව උදේ 10.00ත් – සවස 03.00ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, දහවල් කාලයේදී ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසත් හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා වැනි දිය එළවළු භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.