විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.
