විනාඩි 20 න් කොවිඩ් රෝගියෙක් හඳුනාගැනීමේ නවතම ක්‍රමය ලබන සතියේ සිට

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කර ඇති ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණ ඔස්සේ කොවිඩ් -19 ආසාදිතයන් හදුනාගැනීම ලබන සතියේ සිට දීපව්‍යාප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරන්නේ ඊට අදාළ යන්ත්‍ර සහ ප්‍රතික්‍රීයක කට්ටල ලක්ෂ දෙකක් පළමු අදියර යටතේ මෙරටට ගෙන්වා ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසන්නේ එමගින් විනාඩි විස්සක් වැනි කෙටි කාලයක් තුලදී කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙම පරීක්ෂණයෙන් අවස්ථාව ලැබෙන බවයි.

මෙම පරීක්ෂණයේදී යම් පුද්ගලයෙකුට රෝග කාරකය වැලඳී ඇත්දැයි යන්න විමර්ශනය කර රෝගීන් හඳුනා ගැනීම සිදු කරනු ලබන අතර, හඳුනාගත් රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කරන බවද ඒ මහතා කියා සිටියේය.

එකක මිල රුපියල් 1200 පමණ වන මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රීයක කට්ටල ලක්ෂ දහයක් පමණ මෙරටට ගෙන්වීමට අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ. පෞද්ගලික රෝහල්වලදීද මෙම පරීක්ෂණ අද (05) සිට ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *