විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට පියවර

රටේ පවතින කොරෝනා වසංගත තත්වයත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (07) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම නිසා රජයේ නීරෝධායන මධ්‍යස්ථාන නිදහස් කර අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීම එයින් බලාපොරොත්තු වන බවයි. ඒ සදහා වන නවතම ගුවන් ගමන් කාළසටහන ද සකස් කෙරෙමින් පවතින බවයි ඒ අනුව වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *