බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය නිසා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.

බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ අදාළ කාල සීමාව තුළ කල් ඉකුත් වන ආදායම් බලපත් ලබා ගැනීමේදී 2020.11.15 තෙක් දඩ මුදල් අය නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *