විජය කුමාරතුංග පිළිරුවට හානියක්

දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩාවැටී තිබේ.

කිසියම් පුද්ගලයකු විසින් පිළිරුවට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් නිශ්චිතවම එවැන්නක් තහවුරු කර නොමැති බව දෙහිවල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා අද දෙරණ වෙත පැවසීය.

ඇතැම් විට එය ස්වාභාවිකවම කඩාවැටීමට ඉඩක් තිබෙන්නට හැකි බව ද ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් දැනට සිද්ධිය පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බැවින් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම ද දැනට සිදුකර නැති බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මෙලෙස කඩාවැටී ඇත්තේ, විජය කුමාරතුංග පිළිරූ මුහුණේ වම් පෙදෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *