හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමඟ ලාංකිකයකු අත්අඩංගුවට

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් කටාර් රාජ්‍යයට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ගුවන් තොටුපොළ ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෝහා බලා පිටත්ව යන ගුවන් යානයට ගොඩවීමට පෙර මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්ය.

බලධාරින් විසින් සැක කටයුතු බෑගය සොයාගෙන එය තවදුරටත් පරීක්ෂා කිරීමේ දී එම බෑගයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 10.294ක් හමුවී තිබේ.

පසුව බලධාරින් විසින් සැකකාර ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ශ්‍රී ලාංකිකයා ඉදිරි නීතිමය කටයුතු සඳහා එරට මත්ද්‍රව්‍ය නාශක බලකායට (ANF) භාර දී ඇති අතර, මෙම ජාවාරමට අදාළ අනෙක් පුද්ගලයන් පිළිබඳ අනන්‍යතාවක් තවම හෙළි වී නැති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *