විජයදාස රාජපක්ෂගේ පුතුට ඇප

රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු රඛිත රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැර තිබේ.

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේදී ඊයේ  රාත්‍රී 10.45 ට පමණ රඛිත රාජපක්ෂ ගමන් ගත් ජීප් රථට ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇති අතර, අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබුණි. තුවාල ලැබූවන් අතර ගැබිණි කාන්තාවක් ද වේ.

අනතුර සිදුවීමෙන් අනතුරුව රඛිත රාජපක්ෂ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කළ වැලිකඩ පොලිසිය අද දහවල් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබීමට ද පියවර ගත්හ. ඉන් අනතුරුව  පොලීසිය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා විසින් පෞද්ගලික රෝහල වෙත පැමිණ රඛිත රාජපක්ෂ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *