විග්නේෂ්වරන්

විග්නේෂ්වරන්ගෙන් නව සන්ධානයක්

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන තිබේ.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා නායකත්වය දරන ඊ.පී ආර්.එල්.එෆ් පක්ෂය, හිටපු අමාත්‍ය ආනන්ද ශෂිදරන් මහත්මිය නායකත්වය දරන ඊලාම් දෙමළ ස්වාධීන පක්ෂය සහ ටෙලෝ පක්ෂයෙන් ඉවත් වු එස්. ශ්‍රීකාන්ත මහතා නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ.

අදාළ සන්ධාන ගිවිසුමට ඊයේ(09) යාපනය පෞද්ගලික හෝටලයේ දී අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී නව සන්ධානය යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් වෙනුවෙන් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව සී.වී විග්නේෂ්වරන් මහතා එහිදී සඳහන් කළ අතර තව දුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ, දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසඳුම් නොලැබෙන බැවින් මෙම නව සන්ධානය බිහිකළ බවයි.

නව සන්ධානය තෛපෝංගල් මුට්ටිය සළකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *