Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

විග්නේෂ්වරන්ගේ සංධානය මාළුවා ලකුණින් සටනට

විග්නේෂ්වරන්ගේ සංධානය මාළුවා ලකුණින් සටනට

උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සි.වි.විග්නේශ්වරන්, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සන්ධානය මාළුවා ලකුණින් තරඟ කිරීමට නියමිත බව පවසනවා.

ඔහු පැවසූවේ තෛපොංගල් මුටිටිය ලකුණ යටතේ සිය සන්ධානය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සුදානමින් සිටියත් දෙමළ ජනතා ජාතික සන්ධානයට එක්වූ පක්ෂ කිහිපයක නායකයින් හා සිවිල් සංවිධානවල ඉල්ලීම පරිදි නව සන්ධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මාළුවා ලකුණෙන් තරග වැදීමට තීරණය කළ බවයි.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් ගොඩනැගුණු දෙමළ ජනතා ජාතික සන්ධානයේ පක්ෂ ඉකුත් මස 09 වැනිදා සන්ධානගත ගිවිසුමකට අත්සන් තැබු අතර උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා නායකත්වය දරණ දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂයද මෙම සන්ධානය සමග ගිවිසුම් ගත වුණා.

ඊට අමතරව උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් නායකත්වය දරණ ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්. ශී‍්‍රකාන්ත නායකත්වය දරණ දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

සී වී විග්නේශ්වරන් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසදුම් නොලැබෙන බැවින් තමන් මෙම නව සන්ධානය බිහි කිරීමට කටයුතු කළ බවයි. ඒ හරහා ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක්වීමට සිය නව සන්ධානය සුදානම් බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *