නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් නෞකාවක ඇති වූ කාර්මික දේෂයක් හේතුවෙන් එය ඊයේ රාත්‍රියේ අළුත්වැඩියාවක් සඳහා හම්බන්තොට වරායට ඇතුළු වී ඇති අතර මෙම නෞකාව අයත් සමාගමේ දේශීය නියෝජිතයා විසින් මෙම නෞකාවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත් කර නොමැත. එම නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට සොයාගත් පසුව හාර්බර් මාස්ටර් විසින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී ඇත. එම නැවේ විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු භාජන 5ක් ඇති බව නියාමන සභාව විසින් තහවුරු කර ඇති අතර, මෙම කටයුත්ත නීතියට පටහැනි බැවින් විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අද දින පෙරවරුවේ මෙම නෞකාව වහාම වරායෙන් පිටතට රැගෙන යන ලෙසට දැනුම් දී ඇත.
2021-04-21