ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුවන තෙක් අරගල කිරීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී තමාට සහාය දැක්වූ පාක්ෂිකයින්ට ස්තූති කිරීම සඳහා බියගමදී ඊයේ පස්වරුවේ පැවති ජනහමුවක් අමතමින්. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු පිරිසක්ද එක්ව සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
“තවදුරටත් කතා අවශ්‍ය නෑ. පෙබරවාරි 4 වනදා ජාතික නිදහස් දිනය දවසේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙගොල්ලොම එකතුවෙලා MCC, ACSA, SOFA මේ ඔක්කොම ගිවිසුම් ඉරලා දාමු. ජන මතයට ගරු කරන්නට ඕනේ..
අපි බලමු රජයට කශේරුකාවක් තියෙනවාද කියලා ඔය දේ කරන්න.
අපි කුහක විපක්ෂයක් නෙවෙයි. ජනතාවට දුන්න පොරොන්දු ටික ක්‍රියාත්මක කිරීම සඳහා විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරනවා.
ඒ වගේම වැඩිකල් විපක්ෂයේ ඉන්නත් අපේ බලාපොරොත්තුවක් නෑ.”