Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ව්‍යාජ රථවාහන දඩ මුදල් වංචාව සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි

ව්‍යාජ රථවාහන දඩ මුදල් වංචාව සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි

SMS සහ WhatsApp පණිවිඩ හරහා ව්‍යාජ රථවාහන දඩ දැන්වීම් ඇතුළත් මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට විශේෂ අවවාදයක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ශ්‍රී ලංකා පොලිසියෙන් යැයි පවසමින් පුද්ගලයන් කිහිප දෙනෙකුට නාඳුනන දුරකථන අංකවලින් පණිවිඩ ලැබී ඇති බවයි. මාර්ග නීති කඩකිරීම් සීසීටීවී කැමරා මගින් හඳුනාගෙන මාර්ගගතව දඩ මුදල් ගෙවන ලෙසට උපදෙස් ලබාදුන් බවට එම පණිවිඩවල සඳහන් වේ.

රජයේ නිල ගෙවීම් වේදිකාවක් වන “GovPay” ට සමාන වන පරිදි නිර්මාණය කර ඇති “https://thecourierguy.cu.cc/lk” නම් ව්‍යාජ වෙබ් අඩවියකට මෙම වංචනික පණිවිඩ පරිශීලකයන් යොමු කරන බව පොලිසිය පවසයි.

පරීක්‍ෂණවලට අනුව, වංචාකරුවන් විසින් මෙම ව්‍යාජ වෙබ් අඩවිය භාවිත කරමින් සැක කළ නොහැකි වින්දිතයන්ගෙන් බැංකු සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන බව පැවසේ.

මෙම වංචාව ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමයට හා මහජන විශ්වාසයට හානි කරන බවත්, SMS හෝ WhatsApp හරහා යවන සැක කටයුතු සබැඳි ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පවතින ක්‍රියා පටිපාටි යටතේ, රථවාහන වරදක් පළමුව පොලිස් නිලධාරියෙකු විසින් රියදුරුට දැනුම් දිය යුතු බවත්, නිල දඩ පත්‍රිකාවක් නිකුත් කරනු ලබන්නේ රියදුරු විසින් GovPay පද්ධතිය හරහා වරද පිළිගත් පසුව පමණක් බවත් බලධාරීන් පැහැදිලි කළේය.

නිල දඩ පත්‍රිකාවක් ලැබුණු පසු පමණක් ගෙවීම් කරන ලෙසත් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අදහස් (2)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *