සිම්බාබ්වේ හිටපු ජනපති රොබර්ට් මුගාබේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. නිදහසින් පසු එරට පාලනය කළ පළමු නායකයා වන රොබට් මුගාබේ මිය යන විට 95 වැනි වියේ පසු විය.
පසුගිය අප්‍රේල් මස සිට ඔහු සිංගප්පූරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුගිය 37 වසරක කාලයක් බලයේ රැඳී සිටි මුගාබේ 2017 වසරේදී හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කෙරිණි.
කළු ජාතිකයින් වෙනුවෙන් සියලු දේ කළ මුගාබේ පසුකාලීනව විවේචනයට ලක්විය. ඒ සුදු ජාතීන්ගේ අයිතිවාසිකම් අහෝසි කිරීම සම්බන්ධයෙනි. පසු කාලීනව මුගාබේ අතින් අයිතීන් අවභාවිත කිරීම් සහ දූෂණද වාර්තා විය.
එක්සත් රාජධානියෙන් නිදහස දිනා ගැනීමෙන් පසු සිම්බාබ්වේ පැවති පළමු මැතිවරණය ජය ගත් මුගාබේ 1980දී අගමැති වූ අතර 1987 වසරේදී අගමැති බලතල අහෝසි කළ ඔහු ඒ වෙනුවට ජනාධිපති ධුරය සඳහා පත් විය.
(Image – CNN)