ප්‍රීමා සමාගම හිටිගමන් ගණන් උස්සයි

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල අද (6) සිට රු 5.50 කින් කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මේ බව එම සමාගමේ පාලන අධිකාරි මඟින් දිවයිනේ සියලු ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව අද සිට ප්‍රිමා තිරිඟු පිටි කිලෝවක් අලෙවි කළ මිලට වඩා රු 5.50 ක් ඉහළ නංවා අලෙවි කරන ලෙසට එම සමාගම දන්වා ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිගු පිටි මිල රැපියල් 5.50 කින් වැඩි කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
2016 ජූලි මස 14 වන දින නිකුත් කොට ඇති අංක 1975/68 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කොට තිබෙන තිරිඟු පිටි සඳහා මිල වැඩි කිරීම අධිකාරියේ අවසරය ලබාගත යුතුවේ.
(Image – Onlanka)
