වසන්ත කරන්නාගොඩට නැවතත් සිතාසි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට, කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබේ. ඒ අද (07) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව යළිත් කැඳවූ අවස්ථාවේදියි.

හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටී අතර වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා මෙම සිතාසිය යොමු කරවන ලෙසට අධිකරණය දන්වා සිටියේය. ලබන 24 වන දින වැඩිදුර නඩු විභාගය සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *