කොවිඩ්

ලෝහ කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාධිතයින් 29ක්, කඩුවෙල ආසාධිතයින් ගණන 68 දක්වා ඉහළට

ඊයේ (01) දින වන විට කඩුවෙල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොව්ඩ් 19 ආසාධිතයින් 68ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

කඩුවෙල, හෝකන්දර, අතුරුගිරිය, ඔරුවල ගල්වරුසාව, කොරතොට, සමගිපුර, ඉහළ බෝමිරිය, පහළ බෝමිරිය, නවගමුව රණාල වැලිවිට හේවාගම යන ප්‍රදේශ වලින් මෙම රෝගීන් වාර්තා වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ කඩුවෙල – බෝමිරිය වෑකේවත්ත ප්‍රදේශයේ පිහිටි ලෝහ කර්මාන්ත ශාලාවක සේවකයින් 29ක් කොවිඩ් ආසාධිත බවට එකවර හඳුනාගැනීමත් සමගම කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිත ආසාධිතයින් ගණන ඉහළ ගොස් ඇති බවයි.

ඉන්දීය ජාතිකයින්ද සේවය කරන බවට වාර්තා වන මෙම ලෝහ කර්මාන්ත ශාලාවේ සේවකයින් 50ක ගෙන් 29 දෙනෙකුම ආසාදිතයන් බවට තහවුරු වීම බරපතළ තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම ලෝහ කර්මාන්ත ශාලාවේ ආසාදිතයකු ඔරුවල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වී ඇති බැවින් ඒ ආශ්‍රිත නිවාස 05ක් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවත්, ආශ්‍රිතයින් සොයා තවදුරටත් විමර්ශන කටයුුතු සිදු කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *