ලෝක රූ රැජිණ කිරුළ ජැමෙයිකාවට

2019 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත් වූවාය. ලන්ඩන් නුවර පැවති 2019 ලෝක රූ රැජිණ තරගාවලියේ දී ඇය මෙම ජයග්‍රහණයට හිමිකම් කී අතර ජැමෙයිකාවට ලෝක රූ රැජිණ කිරුළ හිමිවූ සිව්වැනි අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගතවේ.

23 හැවිරිදි ටෝනි ඈන් සිං උපත ලැබුවේ ජැමෙයිකාවේ ශාන්ත තෝමස් හි මොරන්ට් හිදී වන අතර ඇය ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හා කාන්තා අධ්‍යයනය සම්බන්ධ උපාධිධාරිනියකි. ජැමෙයිකාව අවසන් වරට ලෝක රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කරනු ලැබුවේ 1993 වසරේදීය.

මෙවර ලෝක රූ රැජිණ තරගාවලියේ දෙවැනි හා තෙවැනි ස්ථාන ප්‍රංශයට හා ඉන්දියාවට හිමිවිය.

9 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *