Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

ලෝකයට අලුත් රටක් එක්වන ලකුණු….?

ලෝකයට අලුත් රටක් එක්වන ලකුණු….?

පැපුවා නිව් ගිනියාවට අයත් බොල් දුපත් සමුහය පැපුවා නිව්ගිනියාවෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ, පැපුවා නිව් ගිනියාවන් වෙන්වී වෙනම රාජ්‍යයක් වෙනවා ද නැද්ද යන තීරණය කිරිමට ජනමත විමසුමක් පැවැත්වෙන අතර ඊට සහභාගී වී ඡන්දය දැමීමට ලක්ෂ 2 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බවද වාර්තා වේ. ජනමත විමසුමේ පළමු වටය හෙට (23) පැවැත්වෙන අතර දෙවැනි වටය ලබන දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

බෝගෙන්විල් දූපත් සමූහය පිහිටා ඇත්තේ පැපුවා නිව් ගිනියාවට නැගෙනහිරීනි. මෙම දූපත් සමූහය සම්පත්වලින් බහුල වන අතර සංචාරකයන් අතරේ ප්‍රසිද්ධය. බෝගෙන්විල් දූපත් සමූහයේ ප්‍රධාන දූපත ද බොගේන්විල් ය. එහි ප්‍රමාණය වර්ග කිලෝ මිටර් 9,318 කි. 2011 වසරේ ලෝක බැංකු වාර්තා අනුව ජනගහනය 2,34,280 කි.  දූපත් සමූහයකින් සුසැදි පැපුවා නිවිගිනියාව පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ නිරිත දෙසිනි. 2017 ලෝක බැංකු වාර්තා අනුව පැපුවා නිව් ගිනියාවේ ජනගහනය මිලියන 8.251 කි. පැපුවා නිව්ගිනියාව ද සංචාරක ආකර්ශනීය රටකි.

පැපුවා නිව්ගිනියාව සහ බෝගෙන්විල් දූපත් සමූහයේ වැසියන් අතරේ වසර ගණනාවක් ගැටුම් පැවැතිණි. එම සිවිල් ගැටුම් අවසන් වූයේ සාම සැලැස්මකට අනුවය. සාම සැලැස්ම ක්‍රියාත්මක වි වසර 18 ක් ගත වී ඇත. බෝගෙන්විල් දූපත් සමූහ පැපුවා නිව්ගිනියාවේ කොටසක් බවට පත් වූයේ එම සාම සැලැස්මට අනුවය.

කෙසේ නමුත් මේ වනවිට බෝගේන්විල් දූපත් වැසියන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ දූපත් සඳහා ස්ව පාලනයක් හෝ බෝගෙන්විල් දූපත් සමූහය වෙනම රාජ්‍යයක් බවට හෝ පත් කරන ලෙසය. ජනමත විමසුම පැවැත්වෙන්නේ එහෙයිනි. වෙනම රාජ්‍යයක් වීමට අවශ්‍ය යැයි බෝගෙන්විල් දූපත් වැසියන් කැමැත්ත පළ කළහොත් ලෝක සිතියමට අලුතින් දූපත් රාජ්‍යයක් එක් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *