Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

ලොවම හැඬවූ ඇමසන් වනයේ ගින්න

ලොවම හැඬවූ ඇමසන් වනයේ ගින්න

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වාර්තාගත ගින්නක් වාර්තා වී ඇති බව නව අභ්‍යවකාශ ඒජන්සි දත්ත පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලනයකින් තොර ගින්න නිසා සමස්ත ලෝකයේ වනගහණයෙන් 20% වන ඇමසන් වනය දැඩි අවධානමකට පත්වී ඇති අතර එහි ජීවත් වන ශාක සත්ව ජීවිත මිලියන ගණනක් මේ වන විට අවදානමකට පත්ව ඇති බවයි.

ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය අඩු කරන ඉතා වැදගත් කාබන් ගබඩාවකි. ශාක සහ සතුන් මිලියන 3 ක් පමණ සහ ආදිවාසීන් මිලියනයක් පමණ මෙහි වාසය කරන අතර ඇමසන් වනයේ වත්මන් තත්වය පිළිබද සංරක්ෂකයින් බ්‍රසීල ජනපති ජේර් බෝල්සොනාරොට දොස් පවරන බව වාර්තා වේ. ජනපතිවරයා ඉඩම් කපන්නන් හා ගොවින් දිරිමත් කර ඇති බවට පැවසෙන අතර ඔහු ජනවාරි මාසයේ බලයට පත් වූ දා සිට වැසි වනාන්තරය වේගයෙන් විනාශයට පත්ව ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න හේතුවෙන් එහි දුමාරය කිලෝමීටර් 2,700 ( සැතපුම් 1,700 ) පමණ දුරකට පැතිර ගොස් ඇත. සාඕ පාවුලෝ නගරය පසුගිය සදුදා දිනයේ කළු පැහැගැන්ව තිබු බවටද වාර්තා වේ.

ඇමර්සන් වනයෙන් වැඩිම භූමි ප්‍රදේශයක් හිමිවනුයේ බ්‍රසීලයටයි. ඇමර්සන් වනාන්තරයෙන් 60% ක් බ්‍රසීලය තුළද 13%ක් පේරු රාජ්‍ය තුළද 10%ක් කොලොම්බියාව තුළද පිහිටා ඇත. බ්‍රසීලයේ හිටපු ජනපති මයිකල් ටෙමර් (Michel Temer) යනු ඉතා විශිෂ්ට පරිසර හිතකාමියෙක් ලෙස ප්‍රචලිත අතර ඔහු විසින් ඉතා දැඩි නීති හා ප්‍රතිපත්ති මගින් ඇමර්සන් වනාන්තරය රැක ගත් නායකයකු ලෙස ප්‍රචලිතය. ඔහුගේ කාලසීමාව තුල බහුජාතික සමාගම් විසින් යෝජනා කරන ලද ආයෝජන රාශියක් පාරිසරික ප්‍රතිපත්ති මත අකුලා ගැනීමට සිදුවිය. එහෙත් 2019 වසරේ පත්වූ නම ජනපති Jair Bolsonaro විසින් අදාල ප්‍රතිපත්ති හා නීති රීතීන් බහුජාතික සමාගම් හා ගොවීන් වෙනුවෙන් පරිසරයට හානි ලෙස ලිහිල් කිරීම මෙහි ආරම්භය ලෙස සැලකිය හැකි බව විදෙස් පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ගින්න මේ වසරේ පමණක් නොව සෑම වසරකම ජූලි සිට සැප්තැම්බර් දක්වා කාල සීමාව ඉතා වියළි කාලගුණයක් බවත් සෑම වසරකම ලැව්ගිනි ඇතිවන බවත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
එහෙත් මේ වසරේ ඇතිවූ මෙම ලැව් ගින්න සති දෙකකට වඩා තවමත් පාලනයකින් තොරව ඇදෙමින් පවතින අතර මෙතරම් විශාල ගින්නක් ඇති වීමට හේතු ලෙස පරිසරවේදීන් පෙන්වා දෙන්නේ විශාල භූමි හෙළි කිරීම් හේතුවෙන් පරිසරයේ වියළි බව තවදුරටත් ඉහළ යාම හා ගින්න පැතිරීමට මෙම එළිමහන් ප්‍රදේශ විශාල රුකුලක් වී ඇති බවයි.

එසේම වගා කිරීම හා ඉදිකිරීම් සදහා එලිකළ ගිනිතැබූ ප්‍රදේශ මතින් ගින්න ඉතා විශාල වේගයකින් පැතිර යාම ගින්න පාලනය කිරීමට නොහැකි තරමට වර්ධනයට හේතුවක් වී ඇත. මීට අමතරව කොලොම්බියාව ආශ්‍රිත ප්‍රදේශවල සිදුවන මත්ද්‍රව්‍ය නිශ්පාදනට අදාල පැල වගාව නිසාද මෙම දරුණු තත්වයට ඉහළ බලපෑමක් එල්ල වී ඇත.

(Image – Daily Express)

ඇමසන් ගින්න පිළිබඳ අල්ජසීරා වීඩියෝව පහතින්….

https://youtu.be/NAQZvlaNF4s 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *