දස හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
56 හැවිරිදි සැකකරු දෙදරු පියෙකි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට උපකාර කිරීම සඳහා ඔහු පාසලෙන් පසු පන්ති පවත්වමින් සිට ඇති බවත් පහරකෑමට ලක්වූ සිසුවිය ඉන් එක් අයෙකු බවත් විමර්ශනවලදී අනාවරණය විය. දැරියගේ දෙමාපියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත. කොස්ලන්ද පොලිසියේ ස්ථානාධිපති ඕ.සී.සුබසිංහ මහතා පරීක්ෂණ පවත්වා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.


