ලයන් එයාර් ගුවන් මගියාට “ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය”

කටුනායක ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමකට ලක් කළ ලයන් එයාර් ගුවන් යානයේ සිට පසුගියදා ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් කළ පුද්ගලයාට “ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය” වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටියේ එම රෝගියා සම්බන්ධයෙන් බොරැල්ල වසංගත රෝග විද්‍යා ඒකකයේදී සිදුකළ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති අතර තවමත් ඔහු දැඩි සත්කාර ඒකකයේ පසුවන බවත් ඔහුගේ තත්ත්වය මේ වන විට මදක් සුව අතට හැරී ඇති බවත්ය.

සෞදි අරාබියේ ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා ගමන්ගත් ලයන් එයාර් ගුවන් යානය පසුගිය ජනවාරි මස 13 වෙනිදා කටුනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවේ එහි සිටි ගුවන් මගින් දෙදෙනෙකු හදිස්සියේ අසනීප වීම හේතුවෙන්ය. එම රෝගීන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළට ගොඩබාන අවස්ථාවේදීත් ජිවිතක්ෂයට පත්ව සිටි අතර එහි සිටි තවත් මගියෙකු ගොතටුව පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *