ලක්ෂ 15ක් පමණ වටිනා නිමි ඇඳුම් සොරාගත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවකින් නිමි ඇඳුම් සොරාගත් පුද්ගලයින් 5ක් කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, සැකකරුවන් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා නිමි ඇඳුම් සොරාගෙන ඇති බවය.

සැකකරුවන් විටින් විට අදාළ ගබඩාවෙන් කාන්තා නිමි ඇඳුම් කට්ටල 1,079ක් සොරාගෙන ඇති බවට වාර්තා වේ.

එලෙස සොරාගත් නිමි ඇඳුම් කට්ටලවලින් 162ක් මේ වන විට සොයාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සොරකම පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ම සේවය කළ පුද්ගලයින් 5දෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (20) දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *