චීනයෙන් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කරයි

ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටී.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ, ඉන් එන්නත් මාත්‍රා මිලියන 3ක් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබාදෙන බවය.

එසේම චීනය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබන අඟහරුවාදා දින මෙරටට ලැබෙන බව ද එම තානාපති කාර්යාලය පවසයි.

මේ අතර චින තානාපතිවරයා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා තළ බවද කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල තවදුරටත් නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *