ලංකා ප්‍රිමියර්

ජාත්‍යන්තර ක්‍රීඩකයින් 5ක් LPL තරගාවලියෙන් ඉවත් වේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිතව සිටි ජාත්‍යන්තර ක්‍රීඩකයින් 05 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මාලන් මෙලෙස තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී ඇත.

ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මාලන් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන බැවින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

ආබාධයක් හේතුවෙන් ඇන්ඩ්‍රි රසල් මෙම තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී ඇත.

ඊට අමතරව ඉන්දියානු ක්‍රීඩක මන්වීන්ද්‍ර බිස්ලා ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *