පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි. ඔවුන් පෙන්වාදෙන්නේ 2020 වසරේදී දළ දේශීය නිෂ්පාදනයේ 3.7%ක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.
මැනුවෙලා ගොරෙට්ටිගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ජනවාරි 29 සිට පෙබරවාරි 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
කෙසේවෙතත් කොරෝනා වෛරසය සංචාරක පැමිණීම් සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි යම් බලපෑමක් ඇති කරනු ඇතැයි ද උපකල්පනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උද්ධමනය 4.5 % ක අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරයි.