ආර්ථිකය

ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි. ඔවුන් පෙන්වාදෙන්නේ 2020 වසරේදී දළ දේශීය නිෂ්පාදනයේ 3.7%ක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.

මැනුවෙලා ගොරෙට්ටිගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ජනවාරි 29 සිට පෙබරවාරි 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

කෙසේවෙතත් කොරෝනා වෛරසය සංචාරක පැමිණීම් සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි යම් බලපෑමක් ඇති කරනු ඇතැයි ද උපකල්පනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උද්ධමනය 4.5 % ක අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *