බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා ක්රිකට් ආයතන කණ්ඩායම අතර තරගය මේවනවිට පැවැත්වෙනවා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 282ක් රැස්කර ගෙන සිටිනවා.
පළමු කඩුළු 02 ලකුණු 03 ක් තුළ බැඳ දැමීමට ශ්රී ලංකා ආරම්භක වෙගපන්දු යවන්නන් වූ අසිත ප්රනාන්දු සහ දිල්ෂාන් මධුශංක සමත්වුණා. කෙසේවෙතත්, 03 වන කඩුල්ල වෙනුවෙන් ඩැරන් බ්රාවෝ සහ සුනිල් ඇම්බෲස් ලකුණු 113 සබඳතාවක් ගොඩනැගුවා.
පිලිතුරු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා ක්රිකට් ආයතන කණ්ඩායම මේ වනවිත කඩුළු 5ක් දැවී ලකුණු 218ක් රැස් කරගෙන සිටින අතර නායක උපුල් තරංග ලකුණු 120යි.