රොෂාන් රණතුංග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු දිවීමේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රීඩක රොෂාන් රණතුංග ග්ලාස්ගෝ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 110 කඩුලු දිවීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ.

මූලික වටයේ පළමු තරග වාරයට (Heat 1) සහභාගී වූ රණතුංග තත්පර 14.11ක කාලයක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානය හිමිකර ගත්තේය.

එම දක්ෂතාවයත් සමඟ ඔහු සමස්ත ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයට පත්ව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අනුව, ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 110 කඩුලු දිවීමේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් සඳහා තරග වැදීමට රොෂාන් රණතුංගට අවස්ථාව හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *