රිෂාඩ් බදියුදීන් හමුවීම සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අදහස් දක්වයි

පසුගියදා වවුනියාවේ පැවති විවෘත කිරීමේ උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා තමා හමුවීම සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. ඒ මහතා පවසන්නේ එම හමුවීම මගින් සනාථ වන්නේ බදියුදීන් මහතා ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබාගැනීමේ පියවරක් නොවන බවයි.

ඒ මහතා විසින් සිය ෆෙස්බුක් ගිණුමේ සටහන් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.

“මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.

ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන් මහතාගේ සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *