රියාජ් බදුර්දින්ගේ පෙත්සම ඉවතට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් විසින් තමාව යළි අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම පෙත්සම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරන ලදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රියාජ් බදුර්දීන් අභියාචනාධිකරණයෙන් පසුගියදා ඉල්ලා තිබුණු අතර, එහි උත්තරකරුවන් ලෙසට වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *