ජපානයේ තාක්ෂණික සේවාවන් හි රැකියාවලට ශ්‍රමිකයන් බඳවාගැනීම සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට අවසර ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.
අදාළ වෘත්තීන් සඳහා බඳවාගත් සුදුසුකම් සහිත රැකියාලාභියකුගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව වන්නේ රුපියල් 350,000ක් බව එම කාර්යාංශය සඳහන් කරයි.
රැකියාලාභියෙකුගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අයකිරිම නීතිවිරෝධි වන බවත් එලෙස වැඩිපුර මුදල් අයකරන රැකියා නියෝජිතයන්ට එරෙහිව නිතිමය පියවර ගෙන ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කරන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවාගැනීමට අවසර ලබාදි ඇති බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නාමලේඛණය කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.
එසේම නියමිත ගාස්තුවට වඩා මුදල් අයකරන රැකියා නියෝජිතායතන පිළිබඳව පැමිණිළි, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112-864118 හෝ 0112-864241 දුරකථනයට දැනුම්දිය හැකි බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.