රාජිත සේනාරත්න මහතා ඇතුලු 3 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව ලබන 16 වනදා කැදවීමට දින නියම කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ අද නඬුව කැදවූ අවස්ථාවේදී ඒ ස්ඳහා දින නියෙම කර ඇත. නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ හා එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ යන අය වේ.
2014 වසරේදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සදහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වේ.