රාජ්‍ය සේවකයින්ට සිකුරාදාට අදින්න වෙන හැටි දයා ගමගේ කියයි

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ රාජකාරියට පැමිණීමේදී බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්යය කිරීමට යෝජනා කර ඇතැයි අමාත්‍ය දයා ගමගේ පවසයි.

අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති බතික් නිර්මාණකරුවන්ගේ ප්‍රදර්ශනයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති බවත් ඉදිරියේදී එය සිදුකිරීමට නියමිත බවයි.

එමෙන්ම මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සදහා එම වැඩපිළිවෙළ විශාල අත්වැළක් බවද ඇමැතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *