LK reports news sinhala

රාජ්‍ය ආයතන වල තනතුරු හිතවතුන්ගෙන් පිරවූ යුගය අවසන් කළ බව ජනපති කියයි

දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන තත්ත්වයට පත්කළ අත්දැකීම් බහුල පිරිසක් අද කිසිදු වරප්‍රසාදයක් නැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමා සමග එක්ව සිටින බව එතුමා කියයි. ඔහු මේ බව සදහන් කළේ රාජ්‍ය ආයතන කිහිපයකට අලුතින් පත් කෙරුණු සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් සමග අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

රටේ ජනතාව තමාට කළ අභියෝගය ජය ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන් පෙළගැසිය යුතු බවත්, රාජ්‍ය ආයතන ශක්තිමත්ව සහ විධිමත්ව ජනතා අවශ්‍යතා ඉටුකිරීමෙන් ප්‍රශ්න රැසකට සාර්ථකව මුහුණදිය හැකි බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡා මාලාවේ 03 වැන්න ලෙස මෙම රැස්වීම කැඳවා තිබිණ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් දැක්ම සහ ඉලක්ක පිළිබඳව සේම රාජ්‍ය සේවයේ දැක්ම, ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත් කිරීම සාකච්ඡා මාලාවේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *