කුවේට් යාමට අනිවාර්ය කළ කොරා්නා වෛද්‍ය සහතිකය අවලංගු කෙරේ

ලබන මාර්තු 08 දින සිට කුවේට් රාජ්‍යය වෙත යන සියළු ශ්‍රී ලාංකිකයන් කොරෝනා වෛරස් (කොවිඩ් -19) ආසාධිතයෙකු නොවන බවට තහවුරු කරමින් ඉදිරිපත් කළ යුතුව තිබූ PCR නම් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අවලංගු කර ඇති බව කුවේට් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වෛද්‍ය සහතිකය ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට පසුගියදා දැනුම් දී තිබූ නමුදු එයින් සමහර රටවල කොරෝනා පරීක්ෂණය සිදු කිරීම සම්බන්ධව පවතින තාක්ෂණික ගැටළු මත මෙම තීරණය ගෙන ඇති බවද එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *