Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රාජ්‍ය ආයතන 13කින් කෝටි 88ක බදු පොල්ලක්

රාජ්‍ය ආයතන 13කින් කෝටි 88ක බදු පොල්ලක්

එකතු කරන ලද අගය මත බදු (වැට්) ලෙස  රාජ්‍ය ආයතන 13කින් පසුගිය පස්වසරේදී 2019 ජනවාරි 01වන දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් අසූඅට කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් අදාළ සැපයුම්කරුවන් 28දෙනෙකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2023 මැයි මාසය අවසානය වන විට වැට් බදු නොගෙවීමට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ අභියාචනාවලින් නොවිසඳී පවතින සංඛ්‍යාව 6,920ක් වන අතර, මතභේදකාරී තත්ත්වයන් හේතුවෙන් විසඳීම අවසන් කර නොතිබුණු අභියාචනා සංඛ්‍යාව 4,499කි.

ඒ අතර වසර 02 ඉක්ම වූ නමුත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සිය තීරණය ලබා දීමට අපොහොසත් වූ අභියාචනා සංඛ්‍යාව 2,459ක්ව පවතී. මේ බව අනාවරණය වූයේ ජාතික විගණන කාර්යාලය මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විගණන පරික්ෂණයක් මගින්ය.

බාධාවකින් තොරව අය කර ගත හැකි බවට දෙපාර්තමේන්තුවෙන්ම හඳුනාගෙන ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි හයදහස් දෙසීය හැත්තෑ අටකට අධික වන අතර, දඩ මුදල රුපියල් කෝටි පන්දහස් එකසිය පනස්එකකට අධික බවත් ජූලි මස 26 වන දින කරන ලද විගණන පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. විවිධ හේතු මත මේ දක්වා අය  කර ගැනීම අත්හිටුවා ඇති හිඟ වැට් බදු මුදල කෝටි දහතුන්දහස් නවසිය තිහකට අධික වන අතර, අය විය යුතු දඩ මුදල්වල වටිනාකම රුපියල් කෝටි එකොළොස්දහස් පන්සිහැටනවයකට අධිකය.

හිඟ බදු ලෙස  සඳහන් වුවද මෙම මුදල් පෞද්ගලික හෝ රජයේ ආයතනවලින් එකතු කර ගන්නා ලද මුදල් බැවින් එම මුදල් රජයට ලබා නොදී තමන් සතුව රඳවා ගැනීම පොදු දේපළක් ලෙස සැලකිය හැකි වටිනාකමක් බවද විගණකාධිපතිවරයා විසින් නිරීක්ෂණය කර තිබේ. සැපයුම්කරුවන්ට රාජ්‍ය අංශයේ ගෙවන වැට් බදු ලියාපදිංචි තැනැත්තන්ට නොගෙවා ඍජුවම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබීමේ යම් වැඩපිළිවෙළක් හඳුන්වා දීමේ හැකියාව ගැන අවධානය යොමු කරන ලෙස විගණකාධිකරයා විසින් නිර්දේශ කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *