Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රනිල් තරම් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ගැටුම් ඇතිකරගත් ජනපතිවරයෙක් නෑ

රනිල් තරම් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ගැටුම් ඇතිකරගත් ජනපතිවරයෙක් නෑ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරම් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ගැටුම් ඇති කරගත් ජනාධිපතිවරයෙකු ඉතිහාසයේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එමෙන්ම මෙම ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ උත්සාහයකද ඔහු නිරත වන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරම් ශ්‍රේෂ්ඨාධිකරණයත් සමග ගැටුම් හදාගත්ත ජනාධිපතිවරයෙක් අපේ ඉතිහාසය තුළ ඉඳලා නෑ. ඔහුගේ මේ අවුරුදු දෙකක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයත් සමග ඔහු තමයි නිතර නිතර තමන්ගේ අනසකට අධිකරණ පද්ධතිය යටත් කරගන්න නිතර එළියට ගිහින් කතා පැවැත්වුවේ. ඔහු නිතරම අධිකරණ බලය සම්බන්ධව ප්‍රකාශ කරමින් අධිකරණය තමන්ගේ යටතට ගන්න නිතරම උත්සහ කළා.

ඔහුගේ ක්‍රියාකලාපය තුළ මනාව පැහැදිලි වෙනවා ඔහු අධිකරණයට දැඩි බලපෑම් කරන්න උත්සහ කළ ජනාධිපතිවරයෙක් බව. මේ මැතිවරණ ක්‍රියාදාමයත් අවුල් කිරීමේ යම් උත්සාහයක නිරත වෙලා ඉන්නවා. එයා ඍජුව හෝ වක්‍රව මේකත් අවුල් කරන්න හදන්නේ.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *